රටේ ජනතාව වෙනුවෙන් හදවත් රෝහලක්.!


 රටේ ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය ඉහළ නැංවීම සඳහා විශේෂ රෝහලක් විදියට රජයේ වියදමින් හදවත් රෝහලක් ඉදිකිරීමට තීරණය කර තිබෙන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි.

ඒ අනුව හෘද රෝග සඳහා අවශ්‍ය සියලුම නවීන සම්පත් ඇතුලුව මහල් 16කින් සමන්විත මෙම රෝහල අදියර දෙකක් යටතේ ස්ථාපිත කරන බවත් මේ සඳහා බිලියන 12ක් වැය කිරීමට නියමිත බවද අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි.

රටේ සිදුවන මරණ වලින් 83%ක් බෝ නොවන රෝග ‌වලින් සිදුවන බවත් ඉන් 40%ක් පමණ හෘදය වස්තුව ආශ්‍රිත රෝග වලින් මරණයට පත්වන බවද අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි.

හෘද රෝග සඳහා පවතින තදබදය අවම කිරීමේ අරමුණින් ජාතික හදවත් රෝහල ක්‍රියාත්මක කරන බවත් වසර තුනක් තුළ මෙහි ඉදිකිරීම් කටයුතු අවසන් කරන බවද අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි.


✅✅✅✅✅✅✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post