සංචාරයක් සඳහා මෙරටට පැමිණි විදෙස් ජාතික තරුණියකට මුහුණදීමට සිදුවූ අනපේක්ෂිත සිදුවීමකට අදාළ වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍ය තුළ හුවමාරු වෙමින් පවතී.
ඇය ඒ පිළිබඳව සංචාරක පොලිස් කොට්ඨාසය වෙත පෙරේදා දිනයේ විද්‍යුත් තැපෑල ඔස්සේ පැමිණිල්ලක්ද සිදුකර තිබෙන බව සඳහන්.
ඇය එහි සඳහන් කර ඇත්තේ පසුගිය ඔක්තෝම්බර් මාස 25 වනදා ආරුගම්බේ ප්‍රදේශයේ සංචාරයේ යෙදෙමින් සිටිය දී තමන් අසළට පැමිණි තරුණයෙක් සිය රහසඟ පෙන්වමින් අසැබි ක්‍රියාවක නිරත වූ බවයි.
මේ අතර සිද්ධියට සම්බන්ධ සැකකරු මේ වනවිට හඳුනාගෙන ඇති බවත් සැකකරුව කඩිනමින් අත්අඩංගුවට ගෙන අදාළ නීතිමය කටයුතු සිදුකරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යු. වුට්ලර් සඳහන් කළා.
✅✅✅✅✅✅✅✅✅
