පුද්ගලයෙකුට පහරදීමේ වීඩියෝවට අදාළව සැකකරු රිමාන්ඩ්


 

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන පුද්ගලයෙකුට පහරදීමේ වීඩියෝවට අදාළව සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 14 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

සැකකරු අද (04) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එලෙස  රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත. 

කොටුව පොලිස් වසමේ ගාලූ මුවදොර ප්‍රදේශයේදී පුද්ගලයෙකුට පිරිසක් විසින් පහර දෙන අයුරු දැක්වෙන වීඩියෝ පටයක් පසුගියදා සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය විය. 

මෙම වීඩියෝ දර්ශණය සම්බන්ධයෙන් කොටුව පොලිස් ස්ථානය මඟින් සිදුකළ විමර්ශනයේදී පුද්ගලික මගී ප්‍රවාහන සේවයට අයත් බස් රථයක කොන්දොස්තරවරයෙකු හා තවත් පුද්ගලයෙකු විසින් බස් රථයේ ගමන් ගන්නා ලද මගියෙකුට ටිකට් පතට අදාළ මුදල සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් මත මෙසේ පොල්ලකින් පහරදීම සිදු කර ඇති බවට අනාවරණය වී ඇති බව පොලීසිය පවසයි.

ඒ අනුව, ඊයේ (03) කොටුව බස්නැවතුම්පොළේදී කොටුව පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම පහරදීම සම්බන්ධව සැකකරුවකු වන අදාළ බස් රථයේ කොන්දොස්තරවරයා අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු වයස අවුරුදු 35ක් වන පානදුර තිරිබේරිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් කොටුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.


✅✅✅✅✅
Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post