බස් ගාස්තු ගෙවන ආකාරය සඳුදා සිට අළුත් වෙයි


 බස් රථවල ගමන් ගන්නා මගීන්ට බැංකු කාඩ්පත් මඟින් ගෙවීම් කිරීමේ නියමු ව්‍යාපෘතිය නොවැම්බර් මස 24වනදා ආරම්භ කරන බව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය පවසයි.

එම අමාත්‍යාංශයේ උපදේශක සුමුදු රත්නායක සඳහන් කළේ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයෙන් එම කටයුතු ආරම්භ කිරීමට නියමිත බවයි.


පළමු අදියර යටතේ ප්‍රධාන අන්තර් පළාත් මාර්ග 03ක් ඇතුළුව මාර්ග 20ක් ආවරණය කරන අතර ගාල්ල, මාතර සහ බදුල්ල දක්වා බස් රථවල ගමන් කරන මගීන්ට මෙලෙස කාඩ්පත් මඟින් ගෙවීමේ හැකියාව පවති.


ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ මෙය ඉදිරියේදී රටපුරාම ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙන බවයි.  


✅✅✅✅✅✅✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post