ලංකාවේ මුහුදු තීරයකින් මතුවුණු මේ ප්ලාස්ටික් බෝල මොනවාද? මේ කියන්න යන්නේ අන්න ඒ ගැන ඇසෙන කතාවක්.
මන්නාරම දිස්ත්‍රික්කයේ වෙරළ තීරයේ ස්ථාන කිහිපයකට නැවතත් මේ දිනවල ප්ලාස්ටිස් බෝල කොටස් ගොඩගසමින් පවතින බව මන්නාරම දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය හා ප්‍රදේශයේ ධීවරයෝ පවසනවා.
මන්නාරම පේසාලෙයි, කාට්ටාස්පත්තිරි, සිරුතෝප්පු ආදි වෙරළ ප්‍රදේශවල එලෙස කුඩා ප්‍රමාණයේ ප්ලාස්ටික් බෝල ගොඩගසමින් පවතින බවයි දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියා සිටියේ.
ඊසාන දිග මෝසම් සුළං රටාවේ වෙනසත් සමග මේ දිනවල වෙරළ තීරයන් වෙත කුඩා බබළු ප්‍රමාණයේ ප්ලාස්ටික් බෝල මුහුදු රළ සමග වෙරළ තීරයට ගලාගෙන එන බවට දැක ගැනීමට හැකිවන බව ප්‍රදේශයේ ධීවරයෝ කියා සිටියා.
මේ අතර, පසුගිය මැයි මාසයේදී ඉන්දියාවේ කේරළ ප්‍රදේශයට ආසන්න මුහුදු සීමාවේදී කන්ටේනර් පෙට්ටි තොගයක් සමග අනතුරට පත් MSCELSA 3 නැවේ කන්ටේනර් පෙට්ටි තුළ තිබූ ප්ලාස්ටික් බෝල එලෙස පවතින ඊසාන දිග මෝසම් කාලගුණ තත්ත්වය සමග වෙරළ තීරයට ගසාගෙන එන්නට ඇති බවට සැක පළ කරන බව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය සැක කළා.

✅✅✅✅✅✅✅