ඇත්තටම ඔබ තාරකා විද්‍යාව කියන දේ විශ්වාස කරනවද ? මේ කියන ඒවත් එක්ක විශ්වාස කරන්න ම වෙනවා


 ඇත්තටම ඔබ තාරකා විද්‍යාව කියන දේ විශ්වාස කරනවද ? ඔව් .මේ ඇහෙන දේවල් එක්ක ඔයාට විශ්වාස කරන්නම වෙනවා. එහෙනම් කියවලා බලන්නකෝ .


තාරකා කියන්නේ බාල මහලු ඕනෑම කෙනෙක් හරි අසාවෙන් හොයන දෙයක්....ඇත්තටම ඔබ දන්නවද අපේ සෞරග්‍රහ මණ්ඩලයෙන් පිටත සිට පැමිණි දැවැන්ත වල්ගා තරුවක් තියෙනවා කියලා .

නාසා සහ බටහිර අභ්‍යවකාශ ඒජන්සිය නව අන්තර් තාරකා වස්තුව වන 3I/ATLAS ගැන පුදුම සහගත ලෙස මේ දවස් වල නිහඬ පිළිවෙතක් අනුගමනය කරනවා කියලා ආරංචියක් ලැබිලා තියෙනවා .

3I/Atlas කියන්නෙ අපගේ සෞරග්‍රහ මණ්ඩලයෙන් පිටත සිට පැමිණි දැවැන්ත වල්ගා තරුවක් බව දැනට පවතින දත්ත මඟින් හෙළිවී තියන පසුබිමකයි ඔවුන් මේ විදියට නිහඬ ඉන්නේ .


විද්‍යාඥයින් අපේක්ෂා කළේ මේ තාරකාව සාමාන්‍ය වල්ගා තරුවක් මෙන් ක්‍රියා කර සූර්යයා අසලදී රත් වී වායුන් මුදා හරිනු ඇති බවටයි .

හැබැයි ඒ වෙනුවට උනේ එකේ අනිත් පැත්ත .

මේ වල්ගා තරුව පරාවර්තනය කිරීම වෙනුවට සූර්ය ශක්තිය අවශෝෂණය කර ගැනීමට හෝ ඇද ගන්නා බවට පෙනී ගොස් තිබෙනවා කියල තමයි දැක ගන්න පුළුවන් වෙලා තියෙන්නේ ..

ඇත්තටම මේ දකින්න ලැබුන දේ ඇත්තක්ද ? හැබැයි ඒක ඇත්ත උනොත් දන්නා කිසිදු ස්වාභාවික වස්තුවක මීට පෙර කවදාවත් දැක නැති දෙයක්

හාවඩ් හි අවී ලෝබ් නාසා ආයතනයට ප්‍රධාන රූප සහ දත්ත සඟවා ඇති බවට පවා චෝදනා කරලා තියෙන බවත් , ලෝකයේ විශාලතම අභ්‍යවකාශ ඒජන්සි මෙතරම් නිහඬව සිටින්නේ ඇයි කියා ඔහු ප්‍රශ්න කරනවා ? ඔවුන් විශාල දෙයක් රහසක් ලෙස තබා තිබේද යන්න ඔහුගේ ප්‍රශ්නයට හේතුවයි.

කොහොම උනත් මේකේ සත්‍යය අසත්‍ය කුමක් වුවත්, 3I/ATLAS අන්තර් තාරකා වස්තුව අපගේ සෞරග්‍රහ මණ්ඩලයෙන් ඔබ්බට ජීවය, ශක්තිය හෝ භෞතික විද්‍යාව පිළිබඳ වෙනත්ම තොරතුරු අඩංඟු විය හැකි බවටයි නිගමනයකට එන්න පුළුවන් වෙන්නේ .

✅✅✅✅✅✅
Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post