අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශය මගින් ක්‍රියාත්මක කරනු ලබන පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය සඳහා සිසුන් බඳවා ගැනීමට අයදුම්පත් කැඳවා ඇත.
මෙම ණය යෝජනා ක්‍රමය යටතේ, රජය විසින් පිළිගත් උපාධි ප්‍රදානය කරන ආයතන 18ක් මගින් ලබා දෙන උපාධි පාඨමාලා 131ක් හැදෑරීමට අවස්ථාව හිමි වේ.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරන පරිදි, 2022, 2023 සහ 2024 යන වර්ෂවලදී උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන්ට මේ සඳහා අයදුම් කළ හැකිය.
අදාළ අයදුම්පත් අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියට පිවිසීමෙන් ලබා ගත හැකි අතර, අයදුම්පත් භාර ගැනීම නොවැම්බර් මස 30 වන දිනෙන් අවසන් වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සිය නිවේදනය මගින් දන්වා සිටී.
✅✅✅✅✅✅✅✅
