පාසල් පෙළ පොත් ලබා දීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කලුවැව විශේෂ දැනුම්දීමක් සිදුකරනු ලැබුවා.
ඒ අධ්‍යාපන අමාත්‍යංශය අද කැඳවා තිබූ මාධ්‍ය සාකච්ඡාව අතරතුරදීයි.
එහිදී අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කලුවැව පවසා සිටියේ පාසල් පෙළපොත් ලබාදීම සම්බන්ධයෙන් මේ වන විට සමාජය පුරා දුර්මතයක් ප්‍රචාරය වන බවත් කිසිදු හේතුවකින් පාසල් අච්චුපොත් ලබාදීමෙන් රජය ඉවත් නොවන බවයි.
අයවැය තුළින් රුපියල් බිලියන පහළවක පමණ මුදලක් අච්චු පොත් මුද්‍රණය කිරීම සඳහා ප්‍රතිපාදන ලැබෙන අතර කිසිදු අඩුපාඩුවකින් තොරව මෙම මුදල ලැබෙන බවයි ඔහු පවසා සිටියේ.
මොඩියුල් අවශ්‍ය දරුවන් සඳහා එම ක්‍රමවේදයත් අච්චු පොත් අවශ්‍ය සිසුන් සඳහා අච්චු පොත් ලබා දෙන බවත් මේ වනවිමුද්‍රණ කටයුතු සිදුවන බවත් ලබන 2026 වාරය ආරම්භයේදී පොත් ලබාදීමට කටයුතු කරන බවයි ඔහු පවසා සිටියේ.
✅✅✅✅✅✅✅✅
