පවුල්වල ඇතිවෙන සමහර ප්‍රශ්න කතාබහ කරලා විසඳගන්න පුළුවන්කමක් තිබුණත් සමහර තරුණවයසේ පසුවෙන අයට මේ වගේ ගැටලුවක් ආවම ප්‍රතිචාර දක්වන විදිහ නම් ඇත්තටම හරි වෙනස්.
මේ කියන්න යන්නේ අන්න ඒ ගැන ඇසෙන තවත් එක කතාවක්.
බිරිඳගේ අනියම් සම්බන්ධතාවයක් මත ඇතිවූ පවුල් ආරවුලකින් ඇය ඝාතනය කර ඔහු ද වස පානය කර රෝහල්ගතව සිටි සැකකරුවකු අත්අඩංගුවට ගත් බව වාකරේ පොලිසිය පවසනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ සින්නතට්ටමුණ, වාකරේ පදිංචි වයස අවුරුදු 25ක තරුණයෙක්.
මෙම සිද්ධියෙන් අවාසනාවන්ත ලෙස මරණයට පත්ව ඇත්තේ සැකකරුගේ බිරිඳ වන සින්නතට්ටමුණ වාකරේ පදිංචි එම්. නිලූක්ෂා නමැති වයස අවුරුදු 22ක තැනැත්තියක්.
සැකකරුගේ බිරිඳ අනියම් සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් ඇති බවත් ඒ හේතුවෙන් ඇතිවූ පවුල් ආරවුලක් දුරදිග ගොස් මෙම ඝාතනය සිදුව ඇති බවත් පොලිසිය පවසනවා.
සැකකරු නිවෙසේ ඇති විදුලි පංකාවේ වයරයකින් බිරිඳගේ ගෙන සිරකර ඇය ඝාතනය කර ඇති බවත් පසුව ඔහුද කිසියම් විෂ වර්ගයක් පානය කර වාකරේ රෝහලට ඇතුළත්ව සිටියදී අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කරන්නේ.

✅✅✅✅✅✅✅✅✅✅✅