බස් රථ කොන්දොස්තරවරුන්ට හා මගීන්ට විශේෂ නිවේදනයක්


 බස්නාහිර පළාත් මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරිය පවසන්නේ බස්නාහිර පළාතේ බස් රථවල මගීන්ට ප්‍රවේශපත්‍ර නිකුත් නොකරන කොන්දොස්තරවරුන්ගේ සේවය දෙසැම්බර් 01 වැනිදා සිට දින හතකට අත්හිටුවීමටත්, අදාළ බස් රථවල ගමන් වාර දින දෙකක කාලයක් සඳහා තහනම් කිරීමටත් නියමිත බවයි.

පරිපාලන නිලධාරී (ධාවන), තේජා ජයසුන්දර මහතා පවසා සිටින්නේ මේ සම්බන්ධයෙන් වන චක්‍රලේඛය ළඟදීම නිකුත් කිරීමට නියමිත බවත් පෞද්ගලික බස් රථවල ගමන් කරන මගීන් සඳහා ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම පසුගිය ඔක්තෝබර් 01 වැනිදා සිට අනිවාර්ය කෙරුණු නීතිය ක්‍රියාත්මක කිරීම ඉදිරියටත් අඛණ්ඩව සිදුවන බවත්ය.


ඒ අනුව බස්නාහිර පළාත් මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරිය විසින් පසුගිය ඔක්තෝබර් 01 වැනිදා සිට දින 45ක කාලයක් තුළ ප්‍රවේශපත්‍ර නොදුන් කොන්දොස්තරවරු 332 දෙනකුගේ සේවය දැනටමත් දින තුනක කාලයක් සඳහා අත්හිටුවීමට පියවර ගෙන තිබේ.


මෙම කාලය තුළ බස් රථ 5,198ක් පරීක්ෂා කර ඇති අතර, ප්‍රවේශපත්‍ර නිකුත් නොකළ බස් රථ 446කට දඩ නියම කර ඇත. එසේම, ප්‍රවේශපත්‍ර ලබා නොගත් මගීන් 21 දෙනෙකුට ද දඩ නියම කර ඇත.


පරීක්ෂා කළ මුළු බස් රථ සංඛ්‍යාවෙන් විවිධ වැරදි සම්බන්ධයෙන් දඩ නියම කර ඇති සංඛ්‍යාව 1,370ක් වන අතර, බස්නාහිර පළාත තුළ වලංගු බලපත්‍ර සහිත ලියාපදිංචි බස් රථ සංඛ්‍යාව 5,500ක් බව වාර්තා වේ.


✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post