පසුගිය දා ශිහාන් මිහිරංග පැවැත් වූ සංගීත ප්‍රසංගයක් අතරතුර කවුරුත් කතාබහට ලක් කෙරුණු සිදුවීමක් සිදුවිය.
පසුගිය කාලසීමාවේදීම ශිහාන් මිහිරංගගේ ගීත ගායනා කළ අශ්නික සිල්වා නැමැති පුද්ගලයා ශිහාන් මිහිරංගගේ මවට බැණ වදිමින් වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය ගිණුමට එක්කොට තිබුණි.
එය දුටු ශිහාන් ඔහුගේ ප්‍රසංගයක් අතරතුර ඔහුව බැලීමට තෑග්ගක් රැගෙන පැමිණි අශ්නිකව ඉතාම වැදගත් විදිහට ප්‍රතික්ෂේප කළේය. එහිදී ඔහු ඔයාට "මම හැදෙන්න කියා දුන්නා හැමදේම කියා දුන්නා හැබැයි ඔයා මගේ අම්මට බනිනවා නම් මම තවත් ඉවසන්නේ නෑ. ඒ නිසා ඔයා මෙතනින් යන්න" යන ආකාරයේ අදහසක් ඔහු ඉදිරිපත් කර තිබුණි.
එම මොහොතේම මෙම අදාළ පුද්ගලයා ඔහුගෙන් සමාව අයද සිට ඇත.නමුත් ශිහාන් සඳහන් කළේ නැවත ඔහුව දැකීමට අකමැති බවයි.
කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් අෂ්නික ද සිල්වා නමැති තැනැත්තා තමන්ගේ සමාජ මාධ්‍ය ගිණුමට සටහනක් එක් කොට තිබුණි.එහිදී ඔහු සදහන් කර තිබුණේ,
"සෙයාන් අයියේ මම වැරදි අඩුපාඩු හදාගෙන ගමක් යන මිනිහෙක් ඔයාගේ අම්මාට මම බනින වීඩියෝ එක පරනම පරන එකක් ඒකට මට සමාවෙන්න අයියේ ඔයා තමයයි මගේ ගායන් ලෝකේ වීරයා"
යනුවෙනි.

