දුක්මහන්සියෙන් හොයාගත්ත මුදල මහ මගදී මේ විදිහට නැතිවේවි කියලා ඔහු හීනෙකින්වත් හිතන්න නැතුව ඇති.
එහෙම දෙයක් වුණේ ඇහැට කනට පේන තරුණියක් ඇය අසලට ආව නිසා කිව්වොත් විශ්වාස කරනවාද?
ඒ කතාවේ පුදුමයට කාරණය නම් මේ පුද්ගලයාගේ වයසයි..
ඔහු 58 හැවිරිදි පුද්ගලයෙක්. රැකියාව කුරුඳු තැළීමයි. ඔහු දකුණේ ගමේ ඉඩමක කුරුඳු තළා ගමට යාම සඳහා ඉරිදා සවස ගාල්ල බස් නැවතුම් පොළට පැමිණ සිටියා.
ඒ වන විට වේලාව සවස පහට පමණ ඇත. බස් නැවතුම් පොළේ එතරම් තද බදයක්ද තිබුනේ නැහැ.
මේ අතර ඔහුගේ ළඟට පැමිණියේ තරුණියක්. ඇයගේ වයස අවුරුදු 22 ක්. විනාඩි කිහිපයක් යනවිට ඇය ඔහු සමඟ කතාවට වැටුණා. දැන් දෙදෙනා හොඳ මිතුරෝය.

දෙදෙනාගේ කතාවට කිසිවෙකුගෙන් වත් බාධාවක් නැහැ. දකින අය සිතුවේ පියකු සහ දියණියක කියායි. එහෙත් ටික වේලාවක් යන විට දෙදෙනාට වයස් පරතරය අමතක වුණා.
ඔහුගේ සිතිවිල්ල හරියටම හරි ගියා. සුළු වේලාවකින් ඇය ඔහුද සමග කළුවැල්ලේ මුහුදු වෙරළේ වැටකෙයියා පඳුරක් අසලට ගියා.
මහත් බලාපොරොත්තු සහිත වු ඔහු ඇයගේ අතින් අල්ලා ගැනීමට සැරසුණා පමණි එක් වරම එතැනට කඩා වැදුණු පුද්ගලයකු "ඒයි මගේ ගෑනිට මොකක්ද කරන්න හදන්නේ " කියමින් පහරක් එල්ල කළා.
තමා මහත් බලාපොරොත්තු තබාගෙන පැමිණි කාන්තාව ඔහුට පහරක් එල්ල කොට ඔහුගේ අතේ තිබූ ජංගම දුරකතනය උදුරා ගත්තා.
පසුව දෙදෙනාම එක්වී ඔහුගේ සාක්කුවේ තිබූ රුපියල් 17000 ක මුදලක්ද කොල්ලකා තවත් පහරක් ඔහුට ගසා දෙදෙනා එම ස්ථානයෙන් පිටව ගියාලු. මේ අවනඩුව කියන්න අවසානයේ ඔහුට ඉතුරු වුණේ පොලිසිය විතරලු..

✅✅✅✅✅✅✅✅✅