හිටපු ප්‍රබල ඇමතිවරයෙකුට ජනපතිගෙන් අනතුරු ඇඟවීමක්


 නඩු විභාග සඳහා පැමිණීම පැහැර හරින ප්‍රබල හිටපු මුදල් ඇමතිවරයෙක්ට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (18) පාර්ලිමේන්තුවේදී දැඩි අනතුරු ඇඟවීමක් කළා.

ජනාධිපතිවරයා කියා සිටියේ, වංචා දූෂණ සම්බන්ධයෙන් කිසිවකුටත් නීතියෙන් රින්ගීමට හෝ සැඟවීමට උත්සාහ නොකළ යුතු බවයි.


සියලු දෙනා නීතියට අවනත විය යුතු බවත්, වැරදි නැත්නම් අධිකරණයට ගොස් කරුණු පැහැදිලි කළ යුතු බවත් ජනාධිපතිවරයා එහිදී අවධාරණය කළා.

එමෙන්ම රජය කිසිදු අධිකරණයකට හෝ විනිසුරුවරයෙකුට බලපෑම් කිරීමට අපේක්ෂා නොකරන බවට පෙන්වාදුන් ජනාධිපතිවරයා පවසන්නේ, නීතිය ඉටු කිරීම සඳහා නිදහස් පරිසරය සකසා දී ඇති බවයි.


මෙහිදී විනිසුරුවරුන් සම්බන්ධයෙන් ඇතැම් චෝදනා එල්ල වීම පිළිබඳව අදහස් දැක්වූ ජනාධිපතිවරයා, එවැනි සිදුවීම් අධිකරණ ව්‍යුහය තුළම අධිකරණ සේවා කොමිසන් සභාව හරහා විසඳන බවත්, ඇතැම් අවස්ථාවල ප්‍රශ්නයේ බරපතළකම නිසා විනිසුරුවරුන් ඉල්ලා අස්වීමට එකඟ වී ඇති බවත් ජනාධිපතිවරයා දැඩිව අවධාරණය කළා.


ජනාධිපතිවරයා වැඩිදුරටත් චෝදනා කළේ, පාර්ලිමේන්තුවේ සිටින ඇතැම් විපක්ෂය දූෂිතයන් වෙනුවෙන් සහ කොඩි ව්‍යාපාරිකයන් වෙනුවෙන් කතා කරන බවත්, වැඩ කරන නිලධාරීන්ට චෝදනා කරන බවයි.


සෑම ක්ෂේත්‍රයක්ම නිසි පරිදි යථා තත්ත්වයට පත් කිරීමටත්, රාජ්‍ය ආයතනවල වගකීම් ඉටු කිරීමට සමත් නිවැරදි රාජ්‍යයක් ගොඩනැගීමටත් රජය කැපවී සිටින  බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් කියා සිටියා.

ඒ පිළිබඳ අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා :


“ මම කියන්න කැමති වංචා දූෂණ ගැන. මම කිය්න්නේ එකයි, කවුරුවත් හැන්ගෙන්න  හදන්න එපා.නීතිවලින් රින්ගන්න යන්න එපා.


කරුණාකරලා නීතියට අවනත වැඩ කරන්න කියලා මන් ඉල්ලා සිටින්නේ. දැන් එක ප්‍රබල අමාත්‍යවරයෙක් එන්නෙ නැ දැන් නඩුවට. (හිටපු මුදල් ඇමති) නඩුවට එන්නේ නැහැ. 21 වෙනිදත් නඩුව තියෙනවා මොකක්ද වෙන්නේ කියලා බලමු. නඩුවට එන්න ඕනේ නඩුවට මුහුණ දෙන්න. වැරදි  නැත්නම්  යන්න. අපි කිසිදු අධිකරණයකට කිසිදු විනිසුරුවරයෙකුට බලපෑම් කරන්න අපේ අපේක්ෂාවක් නැහැ. අපි විනිසුරුවන්ට සහ එයාලට අපි එළියෙ ඉඳන් අපේ ආදර්ශය දීල තියෙනවා ඔයාලට නීතිය ඉටු කිරීම සඳහා අවශ්‍ය නිදහස් පරිසරය හදලා දීලා තියෙනවා.


විනිසුරුවරුන් පිළිබඳ චෝදනාවක් එල්ල වනවා. ඒ කිසිවක් අපේ කාර්යයන් නෙමෙයි. ඒ සඳහා අධිකරණ ව්‍යුහයේම ව්‍යුහයක් තියෙනවා. 


ඒ ව්‍යුහය ඇතුලේ මම දන්නවා සමහර සිදුවීම්.සමහර විනිසුරුවරුන්ගේ ඒ අදාල අධිකරණ සේවා කොමිසන් සභාව ප්‍රශ්නය කියල මං මේකට මොකද කරන්නේ කියලා අහපුවහම ,විනිසුරුවරයා කියනවා මම එහෙනම් ඉල්ලා අස්වෙන්නම්  කියලා. එහෙමයි වෙලා තියෙන්නේ.සමහර අය  ප්‍රශ්නය කියන කොටම ඉල්ලා අස්වෙන්න එකඟතාවය පළ වෙනවා.විනිසුරුවරුන් දන්නවා ප්‍රශ්නයේ බරපතළකම.


එහෙමයි මේ සිදුවීම් සිදුවෙලා තියෙන්නේ මේ දේශපාලන සිදුවීම් නෙමෙයි.අධිකරණ පද්ධතිය පිළිබඳ ජනතාවගේ යම් අවිශ්වාසයක් ඇතිවෙලා තිබුණා.ආකරක්ෂමතාවය පිළිබඳ සමහර සිදුවීම් පිළිබඳ තිබුණා.


ඉතින් අධිකරණ පද්ධතියත් ඒ නිසි වගකීමට ගොඩනැගීම සඳහා වර්තමානය කටයුතු කරමින් තියෙනවා. ඒ ඒ අයගේ ආරක්ෂාව වෙනුවෙන්, ඇවිල්ල පාර්ලිමේන්තුවේ කතාා කරනවා. අමුතු පාර්ලිමේන්තුවේ විපක්ෂයක් මෙතන ඉන්නේ.මෙතන ඉන්න හැම වෙලාවෙම දූෂිතයා වෙනුවෙන් කතා කරන, කොඩි ව්‍යාපාරිකයා වෙනුවෙන් කතා කරන, වැඩ කරන නිලධාරීන්ට බනින වැඩ කරන නිලධාරීන් චෝදනාවට ලක් කරන විපක්ෂයක් ඇති වෙලා තියෙනවා.ඒ නිසා මම කියන්නෙ අපි මේ හැම ක්ෂ්‍ර්ත්‍රයක්ම නිසි පරිදි යථාවක් බවට පත් කරන්න, ඒ ආයතනයන් පිහිටුවීමේ අරමුණ,ඒ  ආයතනයට නීතිමය වශයෙන් පවරාදීලා තියෙන වගකීම ඉටු කිරීමට සමත් වෙන රාජ්‍යයක් අපි ගොඩනගනවා”


✅✅✅✅✅✅✅✅✅✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post