STF නිලධාරීන්ට වටකර පහරදී සැකකරු මුදාගෙන ගිහින්.!


 කිළිනොච්චිය, රාමනාදපුරම් ප්‍රදේශයේ නීති විරෝධී මත්පැන් වැටලීමකට ගිය පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ට ප්‍රදේශවාසීන් පිරිසක් විසින් පහර දී, අත්අඩංගුවට ගත් සැකකරුවෙකු මුදවාගෙන පලා යාමේ සිදුවීමක් වාර්තා වේ.

මෙම සිදුවීම වාර්තා වන්නේ ඊයේ (02) දින උදෑසන කිළිනොච්චිය පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් කණ්ඩායමක් රාමනාදපුරම්, සුඩලකුලම් ප්‍රදේශයේ සිදුකළ වැටලීමක් අතරතුරදීය.

එහිදී නීති විරෝධී මත්පැන් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, එම අවස්ථාවේදී යකඩ පොලු සහ ලී පොලු රැගෙන එම ස්ථානයට කඩා වැදුණු පිරිසක් නිලධාරීන්ට පහර දී සැකකරු මුදවාගෙන තිබේ.

ප්‍රහාරයෙන් තුවාල ලැබූ විශේෂ කාර්ය බලකා නිලධාරීන් දෙදෙනෙකු මේ වන විට කිළිනොච්චිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි. සිද්ධිය සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක වූ රාමනාදපුරම් පොලිසිය, නිලධාරීන්ට පහරදීම සහ සැකකරු මුදවාගෙන යාමේ චෝදනාව මත සැකකරුවන් පස් දෙනෙකු සහ සැකකාරියන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 16ත් 32ත් අතර පසුවන අතර, සැකකාරියන් වයස අවුරුදු 26ත් 45ත් අතර වයස්වල පසුවන රාමනාදපුරම් ප්‍රදේශයේම පදිංචිකරුවන් බව පොලිසිය පවසයි.

ඔවුන් සියලු දෙනා අද (03) දින කිළිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර, රාමනාදපුරම් පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.


✅✅✅✅✅✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post