හිතාගන්නවත් පුළුවන්ද..? එතන කෝටි 11ක ‍රත්තරන්.. තිස්සමහරාමයේ වයසක කතකගේ නිවසේ තිබුණු වටිනා බඩුවලට මොකද මේ වුණේ..?


 මේ ඇසෙන්නේ තවත් වෙනස් ආරංචියක්. වයසක කාන්තාවකගේ නිවසට මේ තරම් වටිනා කියන භාණ්ඩ.


ඇයට මේ දේවල් ලැබුණේ කොහොන්ද..?  මේ අන්න ඒ සිද්ධිය ගැන ඇසෙන කතාවයි. 


තිස්සමහාරාම රබර්වත්ත ප්‍රදේශයේ පිහිටි නිවෙසක් බිඳ එහි තිබූ රුපියල් එකොළහකට අධික වටිනාකමිකින් යුත් රන් ආභරණ සහ දේපළ සොරාගෙන ගොස් ඇතැයි තිස්සමහාරාම පොලිසිය පවසනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පසුගිය 27 වැනිදා පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණේ රබර්වත්ත, තිස්සමහාරාමය ලිපිනයේ පදිංචි 88 හැවිරිදි කාන්තාවක්.

තම දියණියන් දෙදෙනෙකු ඩුබායි රාජ්‍යයේ සිටින බවත්, පුතෙකු කැනඩාවේ සිටින බවත් ඔවුන් විටින්විට තමන්ට තෑගි ලෙස ලබාදුන් රුපියල් එකොළොස් කෝටි හතළිස් නව ලක්ෂ විසි දෙදහසක් වටිනා රණ් භාණ්ඩ නිවසේ තිබූ අල්මාරි කිහිපයක රෙදි යට සඟවා තිබූ බවත්, සොරකම් කර ඇති රන් ආභරණ පවුම් 300කට ආසන්න ප්‍රමාණයක් බවත් පැමිණිලිකාර කාන්තාව පොලිස් පැමිණිල්ලේ සඳහන්.

ඊට අමතරව මුළුතැන් ගෙයට ආසන්නයේ තිබු කිලෝ 3250ක් බරැති වී මළු 50ක් හා නිවසේ තිබූ විදුලි උපකරණ රැසක්, මෝෆෙඩ් වර්ගයේ යතුරුපැදියක්, රෙදි සෝදන යන්ත්‍රයක්ද සොරකම් කරගෙන ගොස් ඇති බව වැඩිදුරටත් පැමිණිල්ලේ දක්වා තිබෙනවා.

පැමිණිලිකාරිය ඉහත ලිපිනයේ පදිංචිව සිටි බවත්, දැනට මාතර ප්‍රදේශයේ දියණියගේ නිවසේ සිටින බවත්, 2018 වර්ෂයේ තම පුරුෂයා මියයාම හේතුවෙන් ඉහත ලිපිනයේ සිට මාතර දියණියගේ නිවසට ගිය බවත්, විටින්විට තිස්සමහාරාම නිවසට පැමිණ ගිය බවටත් පැමිණිල්ලේ සඳහන් කර තිබුණා.

තිස්සමහාරාම පෙලිසියේ නිලධාරීන් කණ්ඩායමක් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනවා.

✅✅✅✅✅
Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post