තමන්ට එරෙහිව සමාජ මාධ්‍යවල ප්‍රචාරය වෙන තොරතුරු සම්බන්ධයෙන් රංගන ශිල්පිනී ශ්‍රීමාලි ෆොන්සේකා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මේ ගැන පැමිණිල්ලක් කර තිබෙනවා.
එමෙන්ම රංගන ශිල්පිනි හෙෂානි ලියදපිටියද සිය සමාජ මාධ්‍ය ගිණුම වෙත වීඩියෝවක් එක් කරමින් සඳහන් කර ඇත්තේ එම ප්‍රචාරයන්ට එරෙහිව තමන් නීතිමය පියවර ගන්නා බවයි.
කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පාතාලයන් සමග සම්බන්ධතා පැවැත්වු බවට සමාජ මාධ්‍යයෙහි ගෙන යන ප්‍රචාරයන්ට එරෙහිව ඔවුන් මේ අයුරින් නීතිමය පියවර ගෙන තිබෙනවා.
මේ වන විට රංගන ශිල්පීනී පියුමි හංසමාලි පද්මේ පිළිබද සිදු කරන විමර්ශනයට අදාලව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක්ද ලබා දී තිබෙනවා.
ඔහුගේ දූරකථනවල ඇති සම්බන්ධතා බව සදහන් කරමින් තවත් රංගන ශිල්පිනියන්ගේ නම් ප්‍රසිද්ධ වී තිබෙනවා.
✅✅✅✅✅✅✅✅
