🥹අග්බෝ ගැන භයානක ආරංචියක්🥹
.............................................................
මීට දින කිහිපයකට පෙර අග්බෝ උලගල්ල ග්‍රාමය අවට නිදහසේ සැරිසරමින් හිටියා.
ඔහුගේ අලංකාර පෙනුමත්, මිතුරෙකු මෙන් හැසිරීමත් නිසා ගම්වැසියන්ට අග්බෝ පවුලේ අයෙක් සේ හැඟුනා.
අග්බෝ උලගල්ලට පැමිණීම, නිවහනට පැමිණෙන මිතුරෙකුගේ පැමිණීමක් සේම හැඟුනේය.
නමුත්...
මට ලැබුණු නවතම ආරංචිය අනුව,
අග්බෝ දැන් නල්ලමුදාව ප්‍රදේශය අවට සැරිසරන බව දැනගන්නට ලැබුණා.
ඒ ප්‍රදේශය අලි රංචු පිටින් දිවා රෑ දෙකේම සැරිසරන භයානක කලාපයක්.
එවන් තත්ත්වයකදී අග්බෝ තවත් ඇතෙකු සමඟ මුහුණට මුහුණ ගැටුනොත්
එයින් විය හැකි අනතුර ගැන සිතීමෙන් මගෙ හදවත කම්පාකරවයි.🥹🥹
තවත් බියක් වන්නේ නල්ලමුදාව ප්‍රදේශය හේන් ගොවිතැන් බහුලව ඇති එකයි.
අලි – මිනිස් ගැටුම් ඇතිවිය හැකි අවදානමක් එහි පවතියි.
නල්ලමුදාවෙ මිනිසුනි,🙏🙏🙏
අග්බෝ යනු අපේ රටට පමණක් නොව, මුලු ලෝකයටම වටින ජීවිතයක්.
ඔහු සතුන් අතර බෝසත් ස්වභාවයෙන් යුත්, කරුණාවෙන් පිරුණු ආත්මයක් .
ඔහු දුටුවොත්,
අහස්කූරක්වත් ඔහු දෙසට එල්ල නොකරන්න🙏.
ඔහුට සියළු දෙවියන්ගේ ආරක්ෂාව ලැබේවා.
අග්බෝ දිව්‍ය සත්වයෙකු ලෙස දිගු ජීවිතයකට පත්වේවා.
✅✅✅
