විදේශගතව සිට පැමිණි මව කරපු අහස පොළොව නුහුලන අපරාධය


 ගාල්ල, බටපොළ, කහටපිටිය ප්‍රදේශයෙන් අතිශය ඛේදජනක සිදුවීමක් වාර්තා වන අතර, එහිදී මවක් විසින් සිය කුඩා දරුවාගේ ගෙල කපා ඝාතනය කර, පසුව ඇයද සියදිවි හානිකරගෙන තිබේ. මෙම සිදුවීමෙන් ප්‍රදේශයම කම්පනයට පත්ව ඇති බව වාර්තා වේ.

පොලීසිය සඳහන් කරන පරිදි, මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු තුනහමාරක් පමණ වන පිරිමි දරුවෙකි. සියදිවි හානිකරගත් මව 24 හැවිරිදි තරුණියක බවට හඳුනාගෙන ඇත.

මූලික විමර්ශනවලදී හෙළි වී ඇත්තේ, ඇය මීට මාස කිහිපයකට පෙර විදේශ රැකියාවක නිරතව සිට නැවත ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවයි. ඇයගේ ස්වාමිපුරුෂයා ඇයව අතහැර ගොස් ඇති පසුබිමක, කුඩා දරුවා හැදී වැඩී ඇත්තේ සියදිවි හානිකරගත් කාන්තාවගේ පියාගේ රැකවරණය යටතේය.

මෙම මව, මෙවන් අමානුෂික ලෙස සිය දරුවාගේ ජීවිතය තොර කර, තමන් ද දිවි නසා ගැනීමට පෙළඹුණු හේතුව මෙතෙක් නිශ්චිතව අනාවරණය වී නොමැති බව පොලීසිය පවසයි. සිද්ධිය සම්බන්ධයෙන් බටපොළ පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරමින් සිටියි



✅✅✅✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post