ෆේස්බුක් සාදයක් වටලා 10ක් අත්අඩංගුවට


 පානදුර ගොරකාන ප්‍රදේශයේ නිවසක පවත්වාගෙන ගිය ෆේස්බුක් සාදයක් වටලා එහි හිමිකරු, ඔහුගේ බිරිඳ ඇතුළු 10ක් අත්අඩංගුවට ගත්බව පානදුර උතුර පොලීසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පානදුර, බොරලැස්ගමුව, ගාල්ල, පස්සර සහ බදුල්ල ප්‍රදේශයේ පදිංචි 18 - 40 අතර වියේ පසුවන පිරිසක්ය.

අත්අඩංගුවට පත්වූවන් අතර සැකකරුවන්ට මත්ද්‍රව්‍ය සැපයූ පුද්ගලයා ද වන බව පොලීසිය සඳහන් කරයි.

සැකකරුවන් අත්අඩංගුවට පත්වන මොහොතේ දී මත්ද්‍රව්‍ය පාවිච්චි කර සිටි බවත්, ඔවුන් සන්තකයේ කොකේන් සහ අයිස් මත්ද්‍රව්‍ය සුළු වශයෙන් තිබී ඇත.

පානදුර උතුර පොලීසිය මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වන අතර, සැකකරුවන් පානදුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.


✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post