චීනය හදපු ලෝකෙටත් දෙවැනි නොවන පියාඹන විදුලි බලාගාරය. නිවාස 10,000කට විදුලිය දෙන්නත් පුළුවන් .


 සරුංගල් යවන්න තියෙනවා නම් බාල මහලු ඕනෑම කෙනෙක් එකපයින් කැමති වෙනවා. හෝ... හෝ... මේ කියන්න යන්නේ එහෙම සරුංගලයක් ගැන නම් නෙවෙයි. ලෝකේ ලොකුම සරුංගලය ගැන.

ඔන්න ඉතින් ලෝකයේ බලවත්ම රාජ්‍යක් වෙන චීනය විසින් ලොව විශාලතම විදුලි ජනන සරුංගලයේ පියාසැරි පරීක්ෂණය සාර්ථකව අත්හදා බලලා තියෙනවා.

මේ සරුංගලය ලොව විශාලතම සරුංගලය ද වන අතර එහි ප්‍රමාණය වර්ග මීටර් 5,000ක්. චීන බලශක්ති ඉංජිනේරු සංස්ථාව නිර්මාණය කළ මෙම සරුංගලය ප්‍රමාණය කිව්වොත් ඇත්තටම ඔබ පුදුම වෙයි.

මේ සරුංගලයේ ප්‍රමාණය පාපන්දු පිටියකින් අඩකට පමණ සමාන වෙනවා. මෙම සරුංගලය පියාසර කර ඇත්තේ චීනයේ උතුරු මොන්ගෝලියා ප්‍රදේශයේදී වන අතර සරුංගලය හරහා මීටර් 300කට වඩා ඉහළ උන්නතාංශවල ඇති සුළං ශක්තිය භාවිතා කර විදුලිය ජනනය කරනවා.

මෙම සරුංගලයට අමතරව වර්ග මීටර් 1,200ක කුඩා සරුංගල් දෙකක් සාර්ථකව අහසට යැවීම සහ නැවත පාලනයකින් යුතුව පහළට ගැනීම මෙම ව්‍යාපෘතියේ තීරණාත්මක තාක්ෂණික සන්ධිස්ථානයක් ලෙස සලකනු ලබනවා.

මෙම සරුංගලය හරහා භූමිය භාවිතය 95%ක ප්‍රතිශතයකින් අවම කර ගත හැකි අතර මෙමගින් උත්පාදනය කරන මෙගාවොට් 10ක විදුලිය මගින් නිවාස 10,000කට වසරකට ප්‍රමාණවත් විදුලිය නිපදවිය හැකි වනවා.

✅✅✅✅✅✅✅✅
Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post