ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, අද (07) දින මීගමුවේ ප්‍රදේශ කිහිපයකට පැය 12ක ජල කප්පාදුවක් සිදු කරන බවයි.
ඒ අනුව පෙරවරු 09.00 සිට පස්වරු 09.00 දක්වා මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට නියමිත බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි.
පෙරියමුල්ල, ඒත්තුකාල, කුඩාපාඩුව, දළුපොත, කට්ටුව, ලෙවිස් පෙදෙස, සෙල්ලකන්ද පාර, වැල්ල වීදිය යන ප්‍රදේශ වලට මෙම ජල කප්පාදුව බලපැවැත්වෙනු ඇත.
මීගමුව ජල සම්පාදන ක්‍රමයේ පෙරියමුල්ල ජල කුලුනෙහි හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම ජල කප්පාදුව සිදුකිරීමට සිදුවන බව එම මණ්ඩලය සඳහන් කරයි.
✅✅✅✅✅✅✅
