මාලිමා මන්ත්‍රීනී ඉල්ලා අස්වෙද්දි බැංකු ගිණුම් ගැන හොයයි.!


 මත්ද්‍රව්‍ය චෝදනාවකට අත්අඩංගුවට ගත් විදුහල්පතිවරයාගේ බිරිඳ වන ජාතික ජන බලවේග පෑලියගොඩ නාගරික මන්ත්‍රී දිස්නා නිරංජලා සිය මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්විය.

එප්පාවල, ඇඳගල ප්‍රදේශයේදී හෙරොයින් කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 184යි, මිලිග්‍රෑම් 400ක් සමග අත්අඩංගුවට ගෙන තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කළ විදුහල්පතිවරයා සහ අනෙක් සැකකරු දින 7ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට අධිකරණය අවසර ලබා දුන්නේය.

ඒ අනුව තඹුත්තේගම අධ්‍යාපන කලාපයේ කටියාව ප්‍රදේශයේ පාසලක විදුහල්පතිවරයා වන ජයන්ත බාලසූරිය සහ එප්පාවල, ඇඳගල, නල්ලමුදාව පාර පදිංචි එච්.ඒ. තරිඳු ධනංජය වික්‍රමසිංහ යන සැකකරුවන් දෙදෙනා දින 7ක කාලයක් රඳවා තබාගෙන ප්‍රශ්න කරයි.

සැකකරුවන් දෙදෙනාගේ නමින් ඇති බැංකු ගිණුම් පිළිබඳ විස්තර විමර්ශන පොලිස් නිලධාරීන්ට ලබාදෙන ලෙසට රාජ්‍ය සහ පෞද්ගලික බැංකුවල කළමනාකාරීත්වයට මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.

තවද එම සැකකරුවන්ගේ ජංගම දුරකතන වලට අදාළ විශ්ලේෂණ වාර්තා විමර්ශන පොලිස් නිලධාරින්ට ලබාදෙන ලෙසට සියලු රාජ්‍ය සහ පෞද්ගලික දුරකතන සමාගම්වල කළමනාකාරීත්වයට මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.

තවද සැකකරුවන්ට වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය නම් ලබාදෙන ලෙසත් සැකකරුවන් රඳවා තබාගෙන ප්‍රශ්න කරන දින 7ක කාලයට පෙර විමර්ශන අවසන් වුවහොත් ඒ බව අධිකරණයට දැනුම් දෙන ලෙසද මහේස්ත්‍රාත්වරිය පොලීසියට නියෝග කළාය.

එලෙස විමර්ශන අවසන් නොවුණහොත් එම සැකකරුවන් ලබන (12) වන දින යළි අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද මහේස්ත්‍රාත්වරිය පොලීසියට නියෝග කළාය.

මේ අතර මත්ද්‍රව්‍ය චෝදනාවට අත්අඩංගුවට ගත් විදුහල්පතිවරයා සහ ඔහුගේ බිරිඳ වන පෑලියගොඩ නාගරික මන්ත්‍රී දිස්නා නිරංජලා පසුගිය කාලයේ විවිධ දේශපාලන කදවුරු සමග සමීපව කටයුතු කර ඇති බවට පොලීසිය සිදුකළ විමර්ශන වලදී හෙළි වී ඇත.

✅✅✅✅✅✅✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post