කොහුවල සුපිරි වෙළෙඳසලකින් හොරෙන් චිකන් අරන් ගිය සෙබළිය අත්අඩංගුවට


 කොහුවල ප්‍රදේශයේ පිහිටි සුපිරි වෙළෙඳසැලකින් භාණ්ඩ රැගෙන මුදල් නොගෙවා පළා යාමට උත්සාහ කළ බවට චෝදනා ලත් යුද හමුදා සෙබළියක් ඊයේ (17) දින කොහුවල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ 28 හැවිරිදි වියේ පසුවන රත්මලාන ප්‍රදේශයේ පදිංචිකාරියකි. පොලිසිය පැවසුවේ අදාළ සැකකාරිය කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලට අනුයුක්තව රාජකාරියේ නියුතු සෙබළියක් බවට තහවුරු වී ඇති බවයි.


අදාළ සුපිරි වෙළෙඳසැලෙන් භාණ්ඩ කිහිපයක් ලබා ගත් මෙම කාන්තාව, ඒ සඳහා මුදල් ගෙවීමෙන් වැළකී වෙළෙඳසැලෙන් පිටතට පැමිණෙන අවස්ථාවේදී එහි සේවක පිරිසක් විසින් ඇයව අල්ලා පොලිසිය වෙත භාර දෙනු ලැබ තිබිණි.


මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ පොලිස් පරීක්ෂාවේදී, වෙළෙඳසැලේ ස්ථාපිත කර තිබූ සී.සී.ටී.වී. කැමරා දර්ශනද පරීක්ෂාවට ලක් කර ඇත. එහිදී මෙම සැකකාරියම ඉකුත් 01 වන දිනද එම වෙළෙඳසැලෙන්ම කුකුළු මස් රැගෙන මුදල් නොගෙවා පිටව ගොස් ඇති බවට ද අනාවරණය වී තිබේ.


අත්අඩංගුවට ගත් සැකකාර සෙබළිය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ බව පොලිසිය සඳහන් කළේය.



✅✅✅✅✅✅✅✅✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post