ජාතික ජන බලවේගයට බලය හිමි තණමල්විල ප්‍රාදේශීය සභාවේ අයවැය ඡන්දයේදී, අයවැයට පක්ෂව ඡන්දය ලබා දුන් සමගි ජන බලවේගය නියෝජනය කරන මන්ත්‍රීවරියකගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා තිබේ.
ඒ සමගි ජන බලවේගය පක්ෂ කළමනාකරණ කමිටුවේ සහ පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ තීරණයන්ට අනුව කටයුතු නොකිරීම හේතුවෙන්.
ඒ අනුව තණමල්විල ප්‍රාදේශීය සභාවේ නිලූෂා දිල්හානි මන්ත්‍රීවරියගේ පක්ෂ සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිට වූ බවට සමගි ජන බලවේගය මඟින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා.
✅✅✅✅✅✅✅
