මේ අයට රජයෙන් සහනාධාරයක්


 උතුරු පොල් ත්‍රිකෝණයේ පොල් වගාකරුවන් වෙනුවෙන් රජය මඟින් අක්කරයකට රුපියල් 30,000ක සහනාධාරයක් ලබාදීමට තීරණය කර තිබෙන බව පොල් වගා කිරීමේ මණ්ඩලයේ සභාපති වෛද්‍ය සුනිමල් ජයකොඩි ප්‍රකාශ කරයි.

ඒ අනුව සභාපතිවරයා කියා සිටියේ අලු‍තින් වගා කරන පොල් ඉඩම් වෙනුවෙන් ජල පහසුකම් ලබා ගැනීමේ අරමුණින් අඳාළ මුදල් ප්‍රදානය සිදු කරන බවයි.

එසේම ඔහු වැඩිදුරටත් සඳහන් කළේ මෙම පොල් ත්‍රිකෝණය තුළ පැළ ලක්‍ෂ 10 වගා කිරීමේ වැඩසටහනට සමගාමීව මෙම සහනාධාරය ලබාදීමට සැලසුම් කර ඇති බවයි.

✅✅✅✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post