වත්තල ප්‍රදේශයේ පිහිටි ළමා නිවාසයකින් පලා ආ බව කියන බාල වයස්කාර දැරියන් තිදෙනෙකු පෙරේදා (2) දින දහවල් වත්තල පොලිසිය වෙත පැමිණ භාර වී තිබේ.
අදාළ ළමා නිවාසයේ පාලිකාව තමන් තිදෙනාට දැඩි ලෙස දෝෂාරෝපණය කර,
කුමක් කරන්නේ දැයි නොදැනුවත්ව සිටි අවස්ථාවේදී, එකිනෙකා සාකච්ඡා කර පොලිස් ස්ථානයට පැමිණීමට තීරණය කළ බවද ඔවුහු වැඩිදුරටත් පවසා ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙලෙස පොලිසියට භාර වූ දැරියන් අවුරුදු 12 සහ 14 වයස් කාණ්ඩවල පසුවන්නියන් වේ. ඔවුන් අධිකරණ නියෝගයක් මත මෙම ළමා නිවාසයේ රැඳී සිටි බවට පොලිසිය තොරතුරු අනාවරණය කරගෙන තිබේ.
දැරියන් විසින් ලබාදුන් තොරතුරු පදනම් කරගනිමින් ළමා නිවාසයේ පාලිකාව සම්බන්ධයෙන් පොලිසිය විමර්ශනයක් ආරම්භ කර ඇත. මෙම ආයතනය පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුවේ ලියාපදිංචිය ලබා ඇති ස්ථානයක් බවට ද සිදු කළ මූලික පරීක්ෂණවලදී තහවුරු වී ඇතැයි පොලිසිය පැවසීය.
✅✅✅✅
