අමෙරිකාවේ කෙන්ටකි ප්‍රාන්තයේ ලුයිස්විල් ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් කඩාවැටී ගිනිගෙන තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කලේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අමෙරිකාවේ කෙන්ටකිහි ප්‍රාන්තයේ ලුයීවෙල්හි පිහිටි සමාගමේ ගෝලීය ගුවන් සේවා මධ්‍යස්ථානයෙන් ගුවන්ගත වීමේදී කඩා වැටී විශාල ගිනි ජාලාවක් සමග පුපුරා ගොස් තිබෙන බවයි.
මාධ්‍ය වාර්තා අනුව එම අනතුරින් පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් 11 දෙනෙකු පමණ තුවාල ලබා ඇති අතර තුවාල ලැබූවන් අතරින් ඇතැම් අයගේ තත්ත්වය බරපතල බවටයි වාර්තා වෙන්නේ.
මෙලෙස අනතුරට ලක්වී ඇත්තේ, United Parcel Service මෙහෙයවනු ලබන McDonnell Douglas MD11F නැමැති භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයකි.
මෙහිදී ගුවන් යානය ලුයීවෙල් මුහම්මද් අලි ජාත්‍යන්තර ගුවන් තොටුපළේ UPS වර්ල්ඩ්පෝර්ට් (Worldport) සිට හොනොලුලු බලා පිටත්ව යාමටයි සූදානම්ව ඇත්තේ.
අනතුර සිදුවන මොහොතේ ගුවන් යානයේ කාර්ය මණ්ඩලයේ තුන් දෙනෙකු සිට තිබෙනවා.
අදාළ ගුවන් යානය ගුවන්ගත වීමේදී අනතුරට පත්වී ඇති බව වාර්තා වෙයි.
ධාවන පථය අසල පිහිටි ව්‍යාපාරික ස්ථානයකට සහ අවට පිහිටි තවත් වාහන අමතර කොටස් වෙළඳසැලකට මෙම අනතුරින් සෘජුවම හානි සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.
අනතුරේ ප්‍රචණ්ඩත්වය කෙතරම්ද යත්, එය “යුද කලාපයක්” මෙන් දිස් වූ බවයි ඇසින් දුටු සාක්ෂිකරුවන් පවසා තිබෙන්නේ.
මෙම අනතුර හේතුවෙන් අදාළ ගුවන්තොටුපළේ සියලුම ගුවන් ගමන් අත්හිටුවීමට ද පියවර ගෙන තිබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.
කෙන්ටකි ප්‍රාන්තයේ ආණ්ඩුකාර ඇන්ඩි බෙෂියර් පැවසුවේ, වත්මන් මරණ සංඛ්‍යාව තුනක් වුවද, එම සංඛ්‍යාව තවදුරටත් ඉහළ යාමට ඉඩ ඇති බවයි.
මෙම අනතුර සම්බන්ධයෙන් එක්සත් ජනපද ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනය (FAA) සහ ජාතික ප්‍රවාහන ආරක්ෂණ මණ්ඩලය (NTSB) විසින් විමර්ශන ආරම්භ කර තිබෙනවා.
