එයාල දකින දකින දේ කටේ දා ගන්නවා... ඇත්තටම මොකක් වෙන්න පුළුවන්ද මේකට හේතුව?


 ඔන්න ඉතින් පුංචි දරුවෙක් ගෙදර ඉන්න කෙනෙක්ටනම් මේ අත්දැකීම හොදටම ඇති. දැකලා තියෙනවාද ගෙදර ඉන්න චුටි බබාල අහුවෙන අහුවෙන දේ කටේ දා ගන්නවා.


ඇත්තටම ගෙදර ඉන්නකොට නම් ඇස් දහයක් තිබ්බත් මදි. එක ක්ෂණයෙන් මොනවා හරි දෙයක් කටේ දා ගන්නවා. ඇත්තටම ඔබ දන්නවා ද ඒ ඇයි කියලා...

මෙන්න මේකයි හේතුව

ඕනම පුංචි දරුවෙකුගේ මාස 4-18 අතර කාලය වෙනකොට හොදින්ම වැඩිලා තියන, හොදින්ම සංවේදී කොටස තමයි කට කියන්නේ. ඉතින් එයාලා දේවල් ගැන දැනගන්නේ , ඉගෙනගන්නේ කටේ උදව්වෙන්.

මොනවාහරි දෙයක හැඩය , ප්‍රමාණය ,ඒවගේ ස්වාභාවය වගේ දේවල් ගැන ඉගෙන ගන්නේ ඒවා කටේ දාගෙනම තමයි. ඒ වගේම ඒ දේවල් කටේ දාලා උරනකොට එයාලා රිලැක්ස් වෙනවා කියලත් කියනවා. තවත් දෙයක් තමයි දත් එනකොට එයාලට විදුරුමස් වල දැනෙන ප්‍රෙෂර් එක අඩු කරගන්නත් එයාලා එක එක දේවල් කටේ දාගන්නවා.

අන්න ඒ නිසා තමයි එයාල දකින දකින දේ කටේ දා ගන්න හදන්නේ....ඉතින් වැඩිහිටියෝ හැටියට කරන්න ඕන එයාල ගැන නිරන්තරයෙන් අවධානයෙන් ඉන්න එක.

✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅
Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post