මේ කියන්න යන පණිවුඩය මෙවර උසස් පෙළ ලියන සිසුන්ට.
උසස් පෙළ විභාගය සඳහා වූ සියලුම ප්‍රවේශ පත්‍ර තැපෑලෙන් යවා ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය පවසන්නේ තම ප්‍රවේශ පත්‍රයේ නිවැරදි කිරීම් අවශ්‍ය ඕනෑම අපේක්ෂකයෙකු වහාම දෙපාර්තමේන්තුව අමතන්නන ලෙසයි.
මෙම වසරේ අ.පො.ස. උසස් පෙළ විභාගය නොවැම්බර් 10 වන දින ආරම්භ වීමට නියමිතයි.
මුළු අපේක්ෂකයින් 340,525 ක් විභාගයට පෙනී සිටීමට නියමිත අතර රට පුරා විභාග මධ්‍යස්ථාන 2,365 කදී විභාගය පැවැන්වෙනවා.
✅✅✅✅
