ඉන්දියාවේ ජනප්‍රිය නිළි තමන්නා භාටියාගේ පිරිපුන් සිරුරේ හැඩයේ පරිවර්තනයක් පිළිබඳව ඇති වූ කටකතා සම්බන්ධයෙන් ඇය සිය නිහඬතාව බිඳ දමා තිබෙනවා.
හින්දි, තෙළිඟු සහ දෙමළ සිනමාපටවල රඟපාන ඇයගේ රංගනයට වඩා ඇය ජනප්‍රියත්වයට පත්ව ඇත්තේ හැඩැති සිරුරක් පවත්වාගෙන යන දක්ෂ නර්තන ශිල්පිනියක ලෙසයි.
ඇය රඟදක්වන සිනමාපට බොහොමයක් ප්‍රසිද්ධියට පත්වූයේ සිනමාපටයේ නිර්මාණාත්මක බව නිසා නොව රූමත් තමන්නාගේ නර්තන හැකියාව හේතුවෙන් බව සිනමාලෝලීන්ගේ මතයයි.
බොලිවුඩයේ රජු ලෙස සැළකෙන ෂාරුක් ඛාන්ගේ පුත් ආර්යන් ඛාන්ගේ කුළුඳුල් නිර්මාණය වන The Ba*ds of Bollywood හි 'Ghafoor' ගීතයේ ඇයගේ රංගනයෙන් අනතුරුව, ඇගේ ශරීරයේ වෙනස සමාජ මාධ්‍ය තුළ මහත් සේ කතාබහට ලක්ව තිබෙනවා.
ඇතැම් රසිකයන් මෙම සිරුරේ වෙනස්කම සඳහා එක්තරා ඖෂධයක් හේතු වූ බවට මත පළ කළා.
තවත් සමහරු එය ඇයගේ පෙම්වතා වූ විජේ වර්මා සමඟ ඇති වූ වෙන්වීමෙන් පසු ඇති කරගත් පළිගැනීමේ චේතනාන්විත සිරුරක් බවට අනුමාන කර තිබුණා.
මෙම කටකතා පිළිබඳව අදහස් දක්වමින් තමන්නා පැහැදිලි කළේ, ඇය වයස අවුරුදු 15 සිට රඟපා ඇති බවත්, තම ජීවිතයේ වැඩි කාලයක් කැමරාව ඉදිරිපිට සිට ඇති බවයි.
ඇය කියා සිටියේ, ඇයගේ 20 ගණන්වල අගභාගය වන තෙක් ඇය කෙට්ටු සිරුරකට හිමිකම් කී බවත්, මෙම පරිවර්තනය වූ සිරුර ඇයට අලුත් දෙයක් නොවන බවයි.
මෙම ශරීර ස්වභාවය හින්දි ප්‍රේක්ෂකයන්ට අලුත් විය හැකි නමුත්, ඇය චිත්‍රපට 100කට ආසන්න සංඛ්‍යාවක රඟපා ඇති බැවින්, සිරුරේ කලින් කලට ඇතිවන වෙනස්වීම්වලින් යුත් ඇගේ රංගනය ජනතාව දැක ඇති බව ඇය සඳහන් කළා.
ඇය විශේෂයෙන්ම අවධාරණය කළේ, කාන්තාවකගේ ශරීරය නිතරම වෙනස් වන බවත් සෑම වසර පහකට වරක්ම තමන්ගේම වෙනස් වූ අනුවාදයක් දකින බවයි.
තවද, ඇය පැහැදිලි කළේ කොවිඩ් වසංගතය ඇගේ ශරීරයට තදින් බලපෑ බවයි.
ඇය බත්, රොටී, පරිප්පු වැනි ආහාරවලට ප්‍රිය කරන බැවින් එයද එක් හේතුවක් වූ බව පවසා තිබෙනවා.
ගෝලීය රූපලාවන්‍ය ප්‍රමිතීන් ප්‍රතික්ෂේප කරමින් ඇය කියාසිටියේ තමාගේ ප්‍රමාණය (size) ගැන සවිඥානක වීම වළක්වා ගැනීමට උත්සාහ කළ බවයි.
යම් අවස්ථාවකදී "මගේ බඩ ඇවිත්ද?" යනුවෙන් සිතමින් තමන් නිරන්තරයෙන්ම සිරුර නිවැරදි කිරීමට උත්සාහ කළ බව ඇය පැවසුවා.
තමන්නා තරයේ කියා සිටියේ, ඇයගේ සිරුරේ හැඩය වෙනස් නොවන බවයි.
“මම සින්ධි ජාතිකයෙක්. ඉතින් මගේ ඉණ සහ උකුල වෙනස් වෙන්නේ නෑ. මන්ද එය අස්ථි ව්‍යුහයක්"
ඇය අවසාන වශයෙන් මෙසේ පැවසුවා. "ගෝලීය රූපලාවන්‍ය ප්‍රමිතීන් මා අනුගමනය කරනවා කියලා මම හිතන්නේ නෑ. මන්ද ඉන්දියානුවෙකු වීම ම මම සතුටු වන දෙයක්. මිනිසුන් අපගේ පිරිපුන් සිරුරට ආදරය කරනවා. මම හිතනවා අපි ඒක වැළඳගත යුතු කාලය දැන් ඇවිත් කියලා".
✅✅✅✅✅✅✅✅✅✅
