ගෝමරන්කඩවල ප්‍රාදේශීය සභාවේ සභාපති රංගික ප්‍රගාත් ධර්මදාස හෙවත් රංග ධර්මදාස (34) ඊයේ දින (20) රාත්‍රියේදී සිය කුඹුරේ පැල් රකිමින් සිටියදී ඇතිවූ හදීසි අසනීප තත්ත්වයකින් මියගොස් ඇති බව ගෝමරන්කඩවල පොලිසිය පවසයි.
ඔහු ගෝමරන්කඩවල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කරන අවස්ථාවේදීත් මියගොස් සිට ඇති බවද සඳහන්.
ඊයේ දින (20) රාත්‍රීයේ සිය කුඹුරේ පැල් රැකීමට ගොස් සිට ඇති අතර, ඔහුගේ මව අද (21) පාන්දර ඔහුට දුරකතන ඇමතුමක් ලබාදී ඇති බවත් එහිදී ප්‍රතිචාරයක් නොලැබුණු බැවින් ඔහු පිළිබද සොයා බැලිමේදී සිහිසුන්ව සිට ඇති බවටත් වාර්තා වේ.
එමෙන්ම රංග ධර්මදාස කාලයක සිට හෘද රෝගයක් සම්බන්ධයෙන් ප්‍රතිකාර ලබමින් සිටින අයකු බවද වාර්තා වේ.
ඔහු ගෝමරන්කඩවල ප්‍රාදේශීය සභාව සඳහා ඉකුත් පළාත් පාලන මැතිවරණයට ජාතික ජනබල වේගයෙන් ගල්කඩවල කොට්ඨාසයට තරග වැදී ජයග්‍රහණය කිරීමෙන් ප්‍රාදේශීය සභාවට තේරී පත්වී තිබුණා. ඉන්පසු ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා වශයෙන් ඔහු පත්වී ඇත.
එසේම අභාවප්‍රාප්ත රංග ධර්මදාස මහතා ගෝමරන්කඩවල තිරප්පනේ පදිංචිකරුවෙක් වේ.
එමෙන්ම ඔහු රජරට විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යාව පිළිබඳ විශේෂවේදී උපාධිධරයෙක්.
වෘත්තීය ගොවිතැනින් ජීවත් වූ ඔහු අවිවාහකයෙක් වූ අතර ඔහුට සහෝදරියන් දෙදෙනෙකු සිටින බව වාර්තා වේ.
මේ අතර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මළ සිරුර ත්‍රිකුණාමලය මහ රෝහලට රැගෙන ඒමට නියමිතව ඇත.
✅✅✅✅✅✅✅✅✅✅✅✅✅
