භයානක තත්ත්වයක්! සෞඛ්‍ය අංශ වෙතින් අනතුරු ඇඟවීමක්!


 සෞඛ්‍ය අංශ මඟින් පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේ ඩෙංගු, මැලේරියාව සහ බරවා රෝග ව්‍යාප්තියේ වර්ධනයක් නිරීක්ෂණය කළ හැකි බව පවසයි.

ඒ අනුව ජාතික ඩෙංගු මර්දන ඒකකය වසරේ ගතවූ කාලසීමාව තුළ මෙරටින් ඩෙංගු මරණ 22 ක් සහ ඩෙංගු රෝගීන් 41,551 ක් වාර්තා වී ඇති බව සඳහන් කරයි.


මේ සම්බන්ධයෙන් එම ඒකකයේ ප්‍රජා විශේෂඥ වෛද්‍ය ප්‍රසීලා සමරවීර මහත්මිය ගෙවුණු සම්පූර්ණ වසරේදී ඩෙංගු රෝගීන් 49,870 ක් සහ ඩෙංගු මරණ 24 ක් වාර්තා වූ බව පැවසුවා.

එසේම ඩෙංගු අවදානම් කලාප වශයෙන් කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, මාතර, හම්බන්තොට, මහනුවර, යාපනය, මඩකළපුව, කුරුණෑගල සහ කෑගල්ල යන දිස්ත්‍රික්ක හඳුනාගෙන ඇත.


එමෙන්ම සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාවෙන් ඉහළම ප්‍රතිශතයක් බස්නාහිර පළාතෙන් වාර්තා වන බවද විශේෂඥ වෛද්‍යවරිය සඳහන් කළා. ඇය අවධාරණය කළේ පවතින අධික වර්ෂාපතනයත් සමඟ ඩෙංගු රෝගය ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බවයි.


මේ අතර ඩෙංගු අවදානම ඉහළ ගොස් තිබෙන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස ඉලක්ක කර ගනිමින් විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන් දැනටමත් ක්‍රියාත්මක බව වෛද්‍ය සමරවීර මහත්මිය සඳහන් කළා.


එබැවින් වර්ෂාවත් සමඟ වර්ධනය විය හැකි මදුරු ඝනත්වය පාලනය කිරීමට, ඉදිරි දිනවලදී මදුරුවන් බෝ වන ස්ථාන සක්‍රීයව විනාශ කිරීමට පියවර ගන්නා මෙන් ඇය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

තවද ඇය පෙන්වා දෙන්නේ දින දෙකකට වඩා උණ තත්ත්වයක් පවතින්නේ නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වීම අවශ්‍ය බවයි. 


✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post