හිටපු මුදල් අමාත්‍යංශ ලේකම්රයෙකු මෙන්ම හිටපු අග්‍රාමාත්‍ය ජ්‍යෙෂ්ඨ උපදේශකවරයෙකු වූ චරිත රත්වත්තේ අද (04) දින අත්අඩංගුවට ගත්තේය.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අද උදෑසන 8.25ට පමණ චරිත රත්වත්තේ අත්අඩංගුවට ගත්තේය.
නියමිත ක්‍රියාපටිපාටියෙන් බැහැරව 2015 වසරේ කිසිදු අවශ්‍යතාවයකින් තොරව, රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව හරහා රුපියල් කෝටි 9කට අධික මුදලක් වැයකර තාවකාලික වී ගබඩා 50ක් ආනයනය කිරීමේ සිද්ධියට අදාළව සිදුවන විමර්ශනයක් සම්බන්ධයෙන් චරිත රත්වත්තේ අත්අඩංගුවට ගෙන ඇත.
2015 වර්ෂයේදී අග්‍රාමාත්‍යවරයාගේ ජ්‍යෙෂ්ඨ උපදේශකයෙකු වශයෙන් කටයුතු කරමින් සිටියදී ශ්‍රී ලංකා රජයේ වාණිජ විවිධ නීතිගත සංස්ථාව වෙත මිලදී ගැනීම සඳහා කිසිදු අවශ්‍යතාවයක් නොතිබූ ධාන්‍ය වර්ග තාවකාලිකව ගබඩා කිරීම සඳහා භාවිත කරන කොකුන් ගබඩා 50ක් අනුගමනය කළ යුතු නියමිත ක්‍රියා පටිපාටිය අනුගමනය නොකර චුදිත අය විසින් හඳුන්වාදෙන ලද ආයතනයක් මඟින් ආනයනය කර මිලදී ගැනීමට සංස්ථාවේ නිලධාරීන් පෙළඹවීම චරිත රත්වත්තේට එල්ල වී ඇති චෝදනා වේ.
ඒ අනුව රජයට රුපියල් 99,679,799ක පාඩුවක් හා එම මුදලේ වටිනාකමට සමාන වාසියක් බාහිර පාර්ශ්වයක් වෙත සලසා දීම යන චෝදනා එල්ල වී ඇති අතර අත්අඩංගුවට ගත් චරිත රත්වත්තේ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
✅✅✅✅✅
