මියගිය ව්‍යාපාරිකයා සජබ ලැයිස්තුවේ සිටි අයෙක්.. තොරතුරු රැසක් හෙළිවෙයි.!


 අම්බලන්ගොඩ පෝරඹ පදිංචි වරුෂවිතාන මිරන්ත නමැති 55 හැවිරිදි ධීවර ව්‍යාපාරිකයා අද (04) අම්බලන්ගොඩ නගර සභා මහජන පුස්තකාලය අසලදී වෙඩි තබා ඝාතනය කළේය.

9mm වර්ගයේ ගිනි අවියක් භාවිත කරමින් සිදුකළ වෙඩි ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ පුද්ගලයා ප්‍රතිකාර සඳහා බලපිටිය රෝහලට ඇතුළත් කළ අතර ඔහුගේ මුහුණට හා පපුවට වෙඩි ප්‍රහාර 4ක් එල්ල වී ඇත.

මෙම පුද්ගලයා දැනට විදේශ ගතව සිටින සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් නායකයෙකු යැයි කියන සොබනාහන්දි ජයලත් හෙවත් “කරන්දෙණිය සුද්දා” නමැති අයගේ මස්සිනා බව පොලිසිය සඳහන් කරයි.

මියගිය පුද්ගලයා අසල බැංකුවක සිට අම්බලන්ගොඩ වරායට යතුරු පැදියකින් යමින් සිටියදී රතුපාට මෝටර් රථයකින් පැමිණි නාඳුනන පිරිසක් මොහුට වෙඩි තබා පලාගොස් ඇත.

මියගිය පුද්ගලයා පසුගිය පළාත් පාලන මැතිවරණයේදි අම්බලන්ගොඩ නගර සභාවට සමගි ජන බලවේගය පක්ෂයෙන් ඉදිරිපත් කරන ලද අතිරේක නාම යෝජනා ලැයිස්තුවේ සිටි අයෙක් බව අනාවරණය වී ඇත.

ඔහුට අම්බලන්ගොඩ ධීවර වරායේ බහුදින ධිවර යාත්‍රා දෙකක් ඇති බවටත් ඔහු අම්බලන්ගොඩ මෝදර දේවාලයේ දේවාල කමිටුවේ සභාපතිවරයා සහ අම්බලංගොඩ සමූපකාර මහා සභාවේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයෙක් බවද අනාවරණය වී ඇත.

මෙම පුද්ගලයා ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන දකුණු පළාත ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත්ගේ උපදෙස් මත ක්‍රියාත්මකයි.


✅✅✅✅✅✅✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post