රටින් පලාගොස් සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන 'කුඩු සළිඳු' නමැත්තාගේ ගෝලයින් දෙදෙනෙකු වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, සැකකාරික් සහ සැකකරුවෙක් බව වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය පවසයි.
අත්අඩංගුවට ගස් සැකකාරිය ලාගෝස් වත්ත, කිතුලාව පදිංචිකාරියක වන 36 හැවිරිදි ප්‍රමිතා සුභාෂිණී නොහොත් පලාතොට මධූ නැමති කාන්තාවය.
අදාළ සැකකාරිය අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඇය සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 250යි මිලි ග්‍රෑම් 490ක් සහ හෙරොයින් ග්‍රෑම් 301යි මිලි ග්‍රෑම් 580ක් පොලිස් භාරයට ගෙන තිබේ.
එම සැකකාරිය කුඩු සළිඳු නැමැති අපරාධකරුගේ මත්ද්‍රව්‍ය විවිධ ප්‍රමාණයන්ගෙන් ඇසුරුම් කර තොග වශයෙන් බෙදා හැරීමට සිදුකළ ඇති බව පොලිස් විමර්ශනවදී අනාවරණය වී ඇත.
මෙම සැකකාරියට එරෙහිව මත්ද්‍රව්‍ය මහා පරිමාණයෙන් ලඟ තබාගැනීම සම්බන්ධයෙන් මහාධිකරණයේ නඩු 02ක් ද විභාග වන බව වාර්තා වෙයි.
සැකකාර කාන්තාවගේ සැමියා ද මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් බන්ධනාගාර ගතව සිටින පුද්ගලයෙකු බවට අනාවරණය වී ඇති බව පොලීසිය පවසයි.
මේ අතර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකාය විසින් බණ්ඩාරගම ප්‍රදේශය තුළ මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම ක්‍රියාත්මක කිරීමත් සමග භීතියට පත් කුඩු සළිඳුගේ ප්‍රධාන පෙලේ ගෝලයින් ප්‍රදේශයෙන් පලායාම සඳහා විවිධ උපක්‍රම භාවිතා කර ඇති බව වාර්තා වෙයි.
එහිදී සැකකරුවෙකු යතුරුපැදිකරුවෙකු සේ හැඟවෙන පරිදි ප්‍රදේශයේ විහාරස්ථානයක සිට යතුරු පැදියෙන් පලා යාමට තැත් කරන අවස්ථාවේදී සූක්‍ෂම ලෙස අත්අඩංගුවට ගැනීමට වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකාය සමත් වී ඇත.
මෙම සැකකරු 29 හැවිරිදි දියගම ගල්පාත ප්‍රදේශයේ පදිංචි ලහිරු කුමාර නොහොත් "චූටි" නැමැත්තා වන අතර මොහු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 25යි මිලි ග්‍රෑම් 740ක් සමග මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සඳහා යොදාගත් යතුරු පැදියක් අත්අඩංගුවට ගෙන තිබේ.
ඔහු කුඩු සළිඳුගේ ප්‍රබලතම මත්ද්‍රව්‍ය බෙදාහරින්නා වන අතර ඔහුට එරෙහිව මේ වනවිට මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම සම්බන්ධයෙන් මහාධිකරණයේ නඩු 02ක් පවතින බව පොලීසිය පවසයි.
සැකකරුගේ සහෝදරයා ද දැනට මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම සම්බන්ධයෙන් බන්ධනාගාර ගතව සිටින බවට අනාවරණය වී ඇත.
මෙම සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී දැනට රජය විසින් ගෙනයනු ලබන මත්ද්‍රව්‍ය තුරන් කිරීමේ “ඉවත්වෙනු” ජාතික ව්‍යාපාරයට එරෙහිව යමින් කුඩු සළිඳු නැමැති පාතාල අපරාධකරු සිය මත්ද්‍රව්‍ය ජාලය තුල මත්ද්‍රව්‍ය බෙදා හැරීම සඳහා රතු පැහැති මිනී ඔළුව සහිත විශේෂ ඇසුරුමක් භාවිතා කරන බවට ද අත්අඩංගුවට ගත් මෙම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනා මෙම වැටලීම්වලදී එම මෙහෙයුම්වලට එරෙහිව පලායාම හා නිලධාරීන් මුලාකර නීතිමය ආවරණය ලබා ගැනීම සඳහා වන උපක්‍රම පිළිබඳව මනා පුහුණුවක් සහිත ජාවාරම්කරුවන් බවට ද කරුණු අනාවරණය කරගෙන ඇත.
අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් දෙදෙනා රඳවා තබා ගැනීමේ නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරන අතර පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ සෘජු අධීක්‍ෂණ යටතේ ක්‍රියාත්මක වන වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ අධ්‍යක්‍ෂ, පොලිස් අධිකාරි කේ. ඒ. උදය කුමාර මහතාගේ නියෝග පරිදි එම බළකායේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ඉන්දික වීරසිංහගේ මෙහෙයවීමෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.
✅✅
