සිසුන්ට බාධාවක් වන ශබ්ද විකාශණ යන්ත්‍ර ගලවා ඉවත් කරයි.!


 අද (21) දිනයේ නුගේගොඩ රැළිය පවත්වන ස්ථානයට යාබදව අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාග මධ්‍යස්ථාන කිහිපයක් පිහිටා ඇති බව පොලීසිය සඳහන් කරයි.

මහජන රැළියක් සඳහා ශබ්ද විකාශණ යන්ත්‍ර භාවිතා කිරීම තුලින් උසස් පෙළ විභාගයට මුහුණ දෙන සිසුන්ට බාධාවක් ඇතිවිය හැකි බවද පොලීසිය සඳහන් කරයි.

මෙම රැළිය පැවැත්වෙන පරිශ්‍රයේ පමණක් ශබ්ද විකාශණ යන්ත්‍ර භාවිතා කරන ලෙසත් බලපත්‍ර කොන්දේසි අනුව කටයුතු කරන ලෙසද පොලීසිය ඉල්ලුම්කරුවන්ට දැනුම්දී ඇත.

ඒ අනුව රැළිය පැවැත්වෙන පරිශ්‍රයේ සවිකර තිබෙන ශබ්ද විකාශණ යන්ත්‍ර ඉතිරි කර බාධාවක් වන සියලු ශබ්ද විකාශණ යන්ත්‍ර පොලීසිය විසින් මේ වනවිට ගලවා ඉවත් කර ඇත.

සිසුන්ට බාධාවකින් තොරව විභාග මධ්‍යස්ථාන වෙත පැමිණීමට සහ විභාග කටයුතු අවසන් වීමෙන් පසුව නැවත පිටව යාමට බාධාවක් ඇති නොවන අයුරින් කටයුතු කිරීමට වග බලා ගන්නා ලෙසද පොලීසිය දැනුම්දී ඇත.

✅✅✅✅✅✅✅✅✅✅✅
Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post