මත්ද්‍රව්‍ය චෝදනාවකට අත්අඩංගුවට ගත් පන්නල ප්‍රාදේශීය සභාවේ හිටපු සමගි ජන බලවේගය (සජබ) මන්ත්‍රීවරයාගේ පක්ෂ සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට පියවර ගෙන තිබේ.
විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා විසින් සිය X ගිණුමේ සටහනක් තබමින් මේ බව නිවේදනය කර ඇත.
තවදුරටත් අදාළ ක්‍රියාමාර්ග ගැනීම සඳහා වෙනම පරීක්ෂණයක් ආරම්භ කිරීමට ද පක්ෂය කටයුතු කර ඇති බව විපක්ෂනායකවරයාගේ X ගිණුමේ වැඩිදුරටත් සඳහන් වේ.
දකුණු මුහුදු තීරයේ දී ඊයේ (20) මත්ද්‍රව්‍ය තොගයක් සමඟ ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගැනීමේ සිද්ධියට අදාළව හිටපු මන්ත්‍රීවරයෙක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.
මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී පොලීසිය සඳහන් කළේ, මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පන්නල ප්‍රාදේශීය සභාවේ හිටපු සමගි ජන බලවේගය මන්ත්‍රීවරයෙකු බවයි.
ආරක්ෂක අංශ වෙත ලද තොරතුරකට අනුව ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකින් මෙම ධීවර යාත්‍රාව සොයාගනු ලැබීය.
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අදාළ බහුදින ධීවර යාත්‍රාව සහ එහි සිටි ධීවරයින් 6 දෙනා අද පස්වරුවේ තංගල්ල ධීවර වරාය වෙත රැගෙන එනු ලැබීය.
අදාළ යාත්‍රාවේ තිබී මත්ද්‍රව්‍ය පාර්සල් 15ක් සොයාගෙන ඇති අතර, එහි හෙරොයින් කිලෝග්‍රෑම් 300ක්, අයිස් කිලෝග්‍රෑම් 100ක් මෙන්ම ගිනිඅවි 02ක් ද තිබී ඇත.

✅✅✅✅✅✅✅✅
