පානදුර ප්‍රාදේශීය සභාවේ අයවැය ඉදිරිපත් කිරීම සඳහා කැඳවා තිබූ රැස්වීමේ අද (17) උණුසුම් තත්ත්වයක් හට ගෙන තිබේ.
ඒ මන්ත්‍රීවරුන්ගේ ජ්‍යේෂ්ඨත්වය අනුව අසුන් පැනවීම නිසි පරිදි සිදු කර නොමැති බව සඳහන් කරමින් ඇති වූ ගැටලුවක් මුල් කර ගනිමිනි.
කෙසේවෙතත් පානදුර ප්‍රාදේශීය සභාවේ සභාපති ධර්මසිරි පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් සහ ලේකම් නුවන් ප්‍රනාන්දු මහතාගේ සහභාගිත්වයෙන් අයවැය ඉදිරිපත් කිරීම මේ වනවිට සිදුවෙමින් පවතියි.
✅✅✅✅✅✅✅
