අධ්‍යාපනයේ නව පෙරළියක් ඇති කරමින් ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල හා විදේශීය විශ්වවිද්‍යාල අතර අධ්‍යාපනික සහයෝගීතාව අරමුණු කර ගනිමින් අවබෝධතා ගිවිසුම් කීපයකට එළඹීමට කැබිනට් අනුමැතිය හිමි වෙලා තියෙනවා.
ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල ලෝක ශ්‍රේණිගත කිරීම් දර්ශකවල ඉහළට ඔසවා තැබීම හා අන්තර් ජාතික කරණය උදෙසා විදේශීය විශ්වවිද්‍යාල සමඟ උසස් අධ්‍යාපනික සහයෝගීතාවන් ඇති කර ගැනීම අරමුණු කර ගනිමින් තමයි මේ ගිවිසුම්වලට අනුමැතිය හිමි වෙලා තියෙන්නේ.
ඒ අනුව පහත සඳහන් අවබෝධතා ගිවිසුම්වලට එළඹීම සඳහා අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය වශයෙන් අග්‍රාමාත්‍යවරිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරලා තියෙනවා.
එම ගිවිසුම්,
- පේරාදෙණිය විශ්වවිද්‍යාලය සහ මහජන චීන සමූහාණ්ඩුවේ, චීන විද්‍යා ඇකඩමිය යටතේ පවතින භූ විද්‍යා හා භූ භෞතික විද්‍යාආයතනය (Institute of Geology and Geophysics) අතර වසර 5 ක කාලයකට වලංගු වන අවබෝධතා ගිවිසුම.
- කැලණිය විශ්වවිද්‍යාලය හා ඉන්දියාවේ භාරතීදාසන් විශ්වවිද්‍යාලය අතර වසර 5 ක කාලයකට වලංගු වන අවබෝධතා ගිවිසුම.
- මොරටුව විශ්වවිද්‍යාලය සහ ජපානයේ යොකොහමා ජාතික විශ්වවිද්‍යාලයේ බහුවිධ විද්‍යා ආයතනය (Institute of Multidisciplinary Sciences) අතර වසර 5 ක කාලයකට වලංගු වන අවබෝධතා ගිවිසුම.
- මොරටුව විශ්වවිද්‍යාලය සහ ජපානයේ ටොකු යමා විද්‍යාලයේ, ජාතික තාක්ෂණ ආයතනය (National Institute of Technology) අතර වසර 05 ක කාලයකට වලංගු වන අවබෝධතා ගිවිසුම.
මේ වගේ උපාධියක් හැදෑරීම තුළින් නව රැකියා අවස්ථා රැසක් සිසුන්ට නිරන්තරයෙන් ලබාගැනීමට හැකියාව ලැබෙන බවටයි විශ්වාසය කෙරෙන්නේ.
✅✅✅✅✅✅
